ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවකට අනුව, මෙම වසරේ මුල් මාස පහ තුළ (ජනවාරි සිට මැයි දක්වා) පුද්ගලික රථවාහන ආනයනය සඳහා වැය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 828.8ක් දක්වා ඉහළ ගොස් ඇත. මෙය පසුගිය වසරේ (2025) එම කාලසීමාවට සාපේක්ෂව සියයට 254.8ක දැවැන්ත වැඩිවීමකි. පසුගිය වසරේ එම කාලය තුළ රථවාහන ආනයනය සඳහා වැය කර තිබුණේ ඇමරිකානු ඩොලර් මිලියන 233.6කි.
මෙම වසරේ මැයි මාසයේ පමණක් පුද්ගලික රථවාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 207.8ක් වැය කර ඇති අතර, එය 2025 වසරේ මැයි මාසයේ වැය කළ ඇමරිකානු ඩොලර් මිලියන 91.9ට සාපේක්ෂව සියයට 126.2ක වර්ධනයකි.
















