ආහාර හෝ ජලය ලබා නොගෙන දින 26ක් පුරා අඛණ්ඩ උපවාසයක නිරත වූ සුරේෂ් සලේ මහතා දැවැන්ත අධිෂ්ඨානයක් සහ මානසික ශක්තියක් ඇති පුද්ගලයෙකු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සැකකරුවෙකුගෙන් මුරපද (Passwords) ඉල්ලා සිටීම අයුතු බලපෑමක් බවයි.
“අපේ රණවිරුවාගේ තියෙන අධිෂ්ඨානය සහ මානසික ශක්තිය පිළිබිඹු කළ දුර්ලභ අවස්ථාවක් විදිහට අපි මෙය දකිනවා. රජය පවසන්නේ මුරපදය ලබා දුන්නා නම් මේ ප්‍රශ්නය අවසන් බවයි. නමුත්, නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සහ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු මුරපද ඉල්ලා සිටි පාර්ශ්වයන්ට එරෙහිව, අපේ අනාගත ආණ්ඩුවක් යටතේ අපරාධ නඩු විධාන සංග්‍රහය අනුව අනිවාර්යෙන්ම දඬුවම් ලබා දෙනවා,” යැයි ගම්මන්පිල මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
















