විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය රටෙන් මුලිනුපුටා දැමීමේ අරමුණින්, සියලුම ආයතන එකම ජාතික සැලැස්මක් යටතේ ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.
මත්ද්‍රව්‍ය ව්‍යසනය මැඩලීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ඊයේ (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් රැස් වූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
මෙම වැඩපිළිවෙළ යටතේ දිවයිනම ආවරණය වන පරිදි පාසල් පද්ධතිය තුළ විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය. සිසුන් මත්ද්‍රව්‍යවලට ගොදුරු වීම වැළැක්වීම සඳහා ක්‍රමවත් අධීක්ෂණයක් පවත්වාගෙන යාමට සහ ඒ පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට කටයුතු යොදා ඇත. එමෙන්ම, අවශ්‍ය අවස්ථාවලදී දරුවන්ගේ ආරක්ෂාව සහ යහපැවැත්ම තහවුරු කර ගැනීම සඳහා දෙමාපියන්ට ද භාවිත කළ හැකි විශේෂ පරීක්ෂණ කට්ටල හඳුන්වා දීමටද සැලසුම් කර තිබේ.
















