ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්රය ශක්තිමත් කිරීම සහ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය කුසලතා වැඩිදියුණු කිරීම වෙනුවෙන් තාක්ෂණික සහ පුහුණු සහාය ලබා දීමට ප්‍රංශ රජයේ ‘Expertise France’ ආයතනය සිය එකඟතාව පළ කර තිබේ.
ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය සහ ප්‍රංශ රජයේ ‘Expertise France’ ආයතනයේ තිරසාර සංවර්ධනය පිළිබඳ අධ්යක්ෂ නිකොලස් ෂෙනේ (Nicolas Chene) මහතා අතර පැවැති සාකච්ඡාවකදී මෙම එකඟතාව ඇති කර ගෙන ඇත. මෙම වැඩපිළිවෙළ හරහා ශ්‍රී ලාංකීය මාධ්‍යවේදීන්ට නවීන තාක්ෂණික දැනුම සහ ප්‍රායෝගික පුහුණුව ලබා දීමට නියමිතය.















