කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (03) පෙ.ව. 11.00ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (04) පෙ.ව. 11.00 දක්වා වලංගු වේ.
ඒ අනුව, කන්කසන්තුරය සිට මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 55ත් 65ත් දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වනු ඇත.
තවද, හලාවත සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2ත් 2.5ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
















