ශ්‍රී ලංකා වෘත්තීය ගොල්ෆ් ශුරතාවලියේ මංගල තරගාවලිය වන “E-Wis ශූරතාවලිය” 2026 ජූලි 7 සිට 9 දක්වා දිගන, වික්ටෝරියා ගොල්ෆ් සහ කන්ට්‍රි රිසෝට් හිදී පැවැත්වේ. මෙහි නිල පුහුණු වටය ජූලි 6 වන දිනට යොදාගෙන ඇත.
දශක ගණනාවක් පුරා ඉන්දීය වෘත්තීය ගොල්ෆ් සංචාර සහ ආසියානු තරගාවලි ඇතුළු ජාත්‍යන්තර තලයේ දස්කම් දැක්වූ ශ්‍රී ලාංකීය ක්‍රීඩකයින් සඳහා මෙතෙක් පැවති ජාතික මට්ටමේ වේදිකාවක අවශ්‍යතාවය සපුරාලමින් මෙම නව සංගමය පිහිටුවා ඇත.මෙම ඓතිහාසික පියවර පිළිබඳ විශේෂ කරුණු වන්නේ සංවිධායක කමිටුව ලෙස අනුර රෝහණ, මිතුන් පෙරේරා, එන්. තංගරාජා සහ කේ. ප්‍රභාගරන් යන ප්‍රවීණ ක්‍රීඩකයින්ගේ මූලිකත්වයෙන් සහ පී.ජී.ඒ. (PGA) වෘත්තීයවේදී ජෙහාන් ද සේරම් මහතාගේ දායකත්වයෙන් මෙය සංවිධානය කිරීමයි. ඊ-විස් (E-Wis) සමූහ ව්‍යාපාරය විසින් මෙම තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි. වෘත්තීය මට්ටමේ තරගකාරීත්වය ඉහළ නැංවීම, ක්‍රීඩක දක්ෂතා සංවර්ධනය සහ ශ්‍රී ලංකාව ක්‍රීඩා සංචාරක ව්‍යාපාරයේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් කිරීම මෙහි අරමුණ වේ. තවද වෘත්තීය මෙන්ම ආධුනික ක්‍රීඩකයින් සඳහා ද මෙම තරගාවලිය විවෘත වේ.වැඩිදුර තොරතුරු සඳහා www.pgtsl.com වෙබ් අඩවියෙන් හෝ [email protected] විද්‍යුත් තැපෑලෙන් හෝ 0724295296 යන දුරකථන අංකයෙන් සම්බන්ධ විය හැකිය.
















