සෞඛ්‍ය සේවයේ පවතින පුරප්පාඩු පිරවීම සහ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, සුදුසුකම් සපුරාලූ පුද්ගලයින් 2,650 දෙනෙකු සඳහා ඉදිරි දිනවලදී පත්වීම් ලබා දීමට පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි.
මීට පෙර සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 දෙනෙකු සඳහා දේශපාලන මැදිහත්වීම්වලින් තොරව කුසලතා පදනමින් පත්වීම් ලිපි ප්‍රදානය කිරීමෙන් අනතුරුව, අමාත්‍යවරයා මෙම නව බඳවා ගැනීම් පිළිබඳව වැඩිදුරටත් අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.
මෙම පත්වීම් ලබා දීමේදී ද රාජ්‍ය සේවයේ විනිවිදභාවය සහ සාධාරණත්වය උපරිමයෙන් තහවුරු කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා අවධාරණය කරයි. අතීතයේ පැවති දේශපාලන මැදිහත්වීම් මත පදනම් වූ බඳවා ගැනීමේ ක්‍රමවේද සම්පූර්ණයෙන්ම වෙනස් කරමින්, රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ ගුණාත්මක සේවාවක් බවට පත් කිරීම වත්මන් රජයේ ප්‍රධාන අරමුණ බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.
















