රාජාංගනය වාරිමාර්ග යෝජනා ක්‍රමයේ දකුණු ඉවුරු ඇළේ අංගමුව වාන් ඇළ හරහා ඇති අහස් ජල පැන්නුම් නිර්මිතය (Aqueduct) විශ්ලේෂණය කිරීම සඳහා වන උපදේශන සේවා කොන්ත්‍රාත්තුව ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශය වෙත ලබාදීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.
1966 වර්ෂයේදී ඉදිකරන ලද මෙම නිර්මිතය මේ වන විට වසර 60ක් පමණ පැරණි වීම සහ රාජාංගනය ජලාශයේ සිට රාජාංගනය හංදිය දක්වා ගමන් කරන වාහන ප්‍රමාණය සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන්, දැනට පවතින ඒකාබද්ධ මාර්ගය සහ අහස් ජල පැන්නුම දැඩි ලෙස අබලන් වී පවතී.වර්තමාන රථවාහන අවශ්‍යතා සපුරාලීම සඳහා අංගමුව වාන් ඇළ හරහා වෙනම නව පාලමක් ඉදිකිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය එකඟතාව පළ කර ඇත. මේ අනුව, පවතින අහස් ජල පැන්නුම අලුත්වැඩියා කළ හැකිද නැතහොත් එය නැවත ඉදිකළ යුතුද යන්න තීරණය කිරීම සඳහා කඩිනමින් සවිස්තරාත්මක ව්‍යුහාත්මක විශ්ලේෂණයක් සිදුකිරීමට නියමිතය.
















