කතරගම ඓතිහාසික වැඩසිටිකන්ද රජමහා විහාරයේ විහාරාධිපති, ශාස්ත්‍රපති පූජ්‍ය හීල්ලේ ඤාණානන්ද නාහිමියන් වෙත අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක පදවිය පිරිනැමීමේ උත්සවය සෙල්ලකතරගම ශ්‍රී ධර්මනිකේතන මහ පිරිවෙන් විහාරස්ථානයේදී පැවැත්විණි.
උන්වහන්සේ දශක ගණනාවක් පුරා ශාසනික මෙන්ම සමාජීය වශයෙන් ඉටු කළ සේවාවන් අගයමින් මෙම උසස් නිකායික පදවිය පිරිනැමිණි. උත්සව අවස්ථාවට එක් වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් නාහිමියන් වෙත අක්තපත්‍රය හෙවත් විජිනිපත පිළිගන්වන ලදී.
















