ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක රාජ්‍ය ආදායම් ප්‍රතිසංස්කරණවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) නියෝජිත පිරිසක් සහ දේශීය ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ හා නවීකරණ කාර්යාංශයේ (RARMB) නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම සාකච්ඡාව පවත්වා ඇත.
මධ්‍යකාලීන ආදායම් උපායමාර්ගය (MTRS) යටතේ පසුගිය වසර තුළ සිදුකළ බදු පරිපාලන වෙනස්කම්, රේගු ක්‍රියාපටිපාටි සහ සුරාබදු මෙහෙයුම් මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීමත් සමඟ බදු අනුකූලතාව (Tax compliance) 40%-45% සිට 70%-75% දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) සඳහන් කරයි. එසේම රේගු ආඥාපනත සංශෝධනය කිරීමේ කෙටුම්පත නීති කෙටුම්පත් කරන්නා වෙත යොමුකර ඇති අතර, කඩදාසි රහිත රේගු ක්‍රියාපටිපාටි (Paperless customs) සහ තීරුබදු සරල කිරීම ඉදිරියේදී සිදුකිරීමට නියමිතය. මෙම ප්‍රතිසංස්කරණ සඳහා අඛණ්ඩව තාක්ෂණික හා උපදේශන සහාය ලබාදීමට IMF එකඟතාව පළ කර ඇත.
















