කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය මෙරට සතු සුවිශේෂී සම්පතක් බවත්, එහි අයිතිය අනිවාර්යයෙන්ම රජය සතුව පවත්වාගෙන යා යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කළේය.
මෙම පර්යන්තයේ පවතින බර්ත් (berths) තුනෙන් දැනට ක්‍රියාත්මක වන්නේ එකක් පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, අවශ්‍ය උපකරණ හිඟකම හේතුවෙන් පර්යන්තයේ සම්පූර්ණ ධාරිතාවෙන් ප්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇති බව සඳහන් කළේය. විශේෂයෙන්ම මෙහි මෙහෙයුම් කටයුතු සාර්ථක කර ගැනීම සඳහා තවත් ස්ට්‍රැඩ්ල් කැරියර් (Straddle Carriers) 30ක් පමණ අවශ්‍ය බවත්, ඒවා ලබාගැනීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ප්‍රමාද වීම හේතුවෙන් වරායට සහ රටට ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වෙමින් පවතින බවත් ඔහු අනාවරණය කළේය.
නෞකා වෙනත් ගමනාන්ත කරා යොමු වීමේ අවදානමක් පවතින බැවින්, විනිවිදභාවයකින් යුත් ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය කරමින් වහාම මෙම අඩුපාඩු සපුරාලීමට පියවර ගන්නා ලෙස ඔහු රජයෙන් ඉල්ලා සිටියේය.
















