චීන සමාගමකට අයත් ‘නෙක්ස්පීරියා’ (Nexperia) පරිගණක චිප් නිෂ්පාදන සමාගමේ කළමනාකාරිත්වය සම්බන්ධයෙන් හටගත් මතභේදාත්මක ගැටලු නිරාකරණය කරගනිමින්, දෙරට අතර සබඳතා නැවතත් ශක්තිමත් කරගැනීම සඳහා නෙදර්ලන්තය සහ චීනය “ඉතාමත් සාර්ථකව” සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව නෙදර්ලන්ත වෙළෙඳ අමාත්‍ය ස්ජෝර්ඩ් ස්ජෝර්ඩ්ස්මා (Sjoerd Sjoerdsma) ප්‍රකාශ කර තිබේ. රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරන පරිදි, නෙදර්ලන්ත වෙළෙඳ අමාත්‍යවරයෙකු 2018 වසරෙන් පසු චීනයේ සිදු කරන පළමු නිල සංචාරය මෙය වන අතර, දෙරටේ ආර්ථික සබඳතා යළි ගොඩනැගීම මෙහි ප්‍රධාන අරමුණයි.
ගෝලීය සැපයුම් ජාලයන්ට පවා දැඩි බලපෑමක් එල්ල කළ මෙම නෙක්ස්පීරියා ආරවුල අවසන් කිරීම සඳහා අදාළ සමාගම් පාර්ශවයන් එකඟතාවකට පැමිණිය යුතු බව නෙදර්ලන්ත සහ චීන රජයන් අවධාරණය කර ඇත. ඇමෙරිකාව සහ චීනය අතර පවතින තාක්ෂණික තරඟකාරිත්වය සහ චීන-යුරෝපා සංගම් වෙළෙඳ ආතතීන් උත්සන්න වී ඇති පසුබිමක මෙම තෙදින සංචාරය සිදුවන අතර, ලොව සුප්‍රකට ASML සමාගමේ චිප් නිෂ්පාදන යන්ත්‍ර චීනයට අපනයනය කිරීම පාලනය කිරීමට ගත් පියවර මේ වන විට සාර්ථක වී ඇති බවද නෙදර්ලන්ත අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















