ගාල්ල, මහමෝදර ප්‍රදේශයේ නව බන්ධනාගාරයක් ස්ථාපිත කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
බන්ධනාගාර ආඥාපනතේ (54 වැනි පරිච්ඡේදය) 2 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත.
ඒ අනුව, මෙම නව පහසුකම “මහමෝදර බන්ධනාගාරය” ලෙස ස්ථාපිත කෙරෙන අතර එහි අධිකරණ බලය මුළු දිවයිනටම බලපැවැත්වෙනු ඇත. අදාළ ගැසට් නිවේදනයට අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසින් 2026 ජූලි 07 වැනි දින කොළඹදී අත්සන් තබන ලදී.
















