‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් කල්පිටිය සිට නයිනමඩම දක්වා වෙරළ තීරයේ දැඩි බලපෑමට ලක්වූ පුත්තලම සහ හලාවත ධීවර ජනතාව සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වේ. මෙහි තවත් එක් පියවරක් ලෙස, පුත්තලම දිස්ත්‍රික්කයේ ධීවරයන් 42 දෙදෙනෙකු සඳහා රුපියල් විසිඅට ලක්ෂයක් වටිනා දැල් ඇතුළු ධීවර ආම්පන්න බෙදාදීම පසුගියදා පුත්තලම ධීවර දිස්ත්‍රික් කාර්යාලයේදී සිදු කෙරිණි.
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අජිත් ගිහාන් සහ මොහොමඩ් ෆයිසාල් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම ආධාර බෙදාදීම සිදුකළ අතර, කුණාටුවෙන් පීඩාවට පත් ධීවර ප්‍රජාවගේ ජීවනෝපාය නැවත නඟාසිටුවීම සඳහා ධීවර යාත්‍රා සහ දැල් ආම්පන්න ලබාදීමේ සහන වැඩපිළිවෙළ ඉදිරියටත් පියවර කිහිපයක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.














