රාජ්‍ය සේවය තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සහ නිලධාරීන්ගේ ඩිජිටල් සාක්ෂරතාව වැඩිදියුණු කිරීමේ අරමුණින්, අන්තර්ජාල භාවිතය, සයිබර් ආරක්ෂාව සහ කෘත්‍රිම බුද්ධිය (AI) විධිමත් ලෙස භාවිත කිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුත් කිරීමේ විශේෂ පුහුණු වැඩසටහනක් ඊයේ (08) පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් සුජන්ත ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහන සඳහා දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මාණ්ඩලික නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
Foundation.lk ආයතනයේ සම්පත් දායකත්වයෙන් පැවති මෙම පුහුණු සැසියේදී නවීන තාක්ෂණයේ ආරක්ෂිත භාවිතය, සයිබර් තර්ජන හඳුනා ගැනීම, දත්ත සුරක්ෂිතතාව සහ කෘත්‍රිම බුද්ධි මෙවලම්වල සදාචාරාත්මක භාවිතය පිළිබඳ පුළුල් දැනුමක් ලබා දුන් අතර, මහජන සේවාව වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා මෙබඳු වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද මෙහිදී අවධාරණය කෙරිණි.














