එංගලන්ත තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් (Ben Stokes) ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඔහුගේ කණ්ඩායමේ සතිපන්නයින්ට දැනුම් දෙන අවස්ථාවේ ලබාගත් වීඩියෝවක්, ට්‍රෙන්ට් බ්‍රිජ් (Trent Bridge) ටෙස්ට් තරගය පැවැත්වෙන අතරතුරේදීම ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් පාලක මණ්ඩලය (ECB) වෙත ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) දැඩි අවධානය යොමුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි මේ සම්බන්ධයෙන් ICCය එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් නිල පැහැදිලි කිරීමක් ඉල්ලා ඇත.
තරගයක් පැවැත්වෙන අතරතුර ක්‍රීඩාගාරයේ (Dressing Room) දර්ශන හෝ හඬපට මාධ්‍ය වෙත නිකුත් කිරීම, ICCයේ ක්‍රීඩකයන් සහ තරග නිලධාරීන්ගේ ප්‍රදේශ (PMOA) පිළිබඳ අවම ප්රමිතීන් සහ නීතිරීති උල්ලංඝනය කිරීමක් බවට ICCය සැක කරයි. මේ දක්වා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය මේ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර නොමැති අතර, ඔවුන් ලබාදෙන පිළිතුරෙන් අනතුරුව ඉදිරි විනය පියවර ගන්නේද නැද්ද යන්න පිළිබඳව ICCය තීරණය කිරීමට නියමිතය.














