මෙරට තුළ චර්ම රෝග පැතිරීම බරපතළ සෞඛ්‍ය ගැටලුවක් දක්වා වර්ධනය වී ඇති බව චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.
චර්ම රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නයනී මදරසිංහ මහත්මිය මේ බව සඳහන් කළේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය. ඇය වැඩිදුරටත් අවධාරණය කළේ, රජයේ සායන වෙත චර්ම රෝග සඳහා ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ සැලකිය යුතු ඉහළ යාමක් මේ දිනවල නිරීක්ෂණය වන බවයි.
පවතින සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ජනතාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව විශේෂඥ වෛද්‍යවරුන් වැඩිදුරටත් අනතුරු අඟවයි.














