ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය මහෝත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් අද (09) පස්වරු 3.00ට කළුතර බෝධිය අභියසදී පැවැත්වේ.
රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වෙන මෙම මහෝත්සවය ජූලි 9 සිට 22 දක්වා කළුතර කළු ගඟේ ස්ථාපිත උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කෙරේ. මෙහිදී සාමණේර හිමිවරුන් 400කට අධික පිරිසක් සඳහා උපසම්පදාව ලබා දීමට නියමිතය. වසර තුනකට වරක් පැවැත්විය යුතු මෙම උත්සවය මෙවර පැවැත්වෙන්නේ වසර නවයකට පසුව වීම විශේෂත්වයකි. ජනාධිපති කාර්යාලයේ මැදිහත්වීමෙන් ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ රාජ්‍ය හා පෞද්ගලික ආයතන රැසක සහාය ඇතිව මෙය සංවිධානය කෙරේ.
මෙම උත්සවය සඳහා සැදැහැති බෞද්ධ ජනතාවට සහභාගි වීමට අවස්ථාව සලසා ඇත.
















