හම්බන්තොට, තම්මැන්නාව දක්ෂිණ රක්ෂිතයේදී මුවන් 17 දෙනෙකු මියගොස් සිටියදී හමුවී ඇතැයි හම්බන්තොට වනජීවී කාර්යාලය පවසයි. ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරක් මත වනජීවී නිලධාරීන් විසින් මෙම මියගිය මුව රංචුව සොයාගෙන ඇත.
මියගිය මුවන් සොයාගත් ස්ථානයට යාබදව තිබී යූරියා පොහොර අඩංගු බෑගයක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන ඇත. කිසියම් පිරිසක් මුවන්ට ජලය පානය කිරීම සඳහා වූ වලවල්වල ජලයට යූරියා දියකර ඇති බවත්, එම ජලය පානය කිරීමෙන් මුවන් මිය යන්නට ඇති බවත් සැක කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙන අතර, මියගිය මුවන් පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා උඩවලව වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ඇත.
















