ඇමෙරිකාවේ ජාතික මහාමාර්ග රථවාහන ආරක්ෂණ පරිපාලනය නිවේදනය කරන අන්දමට, ධාවනය වෙමින් පවතින විට හෝ නවතා තබා ඇති විට හදිසියේ ගිනි ගැනීමට ලක්වීමේ දැඩි අවදානමක් හේතුවෙන් 2020-2024 කාලසීමාවට අයත් කියා Kia Telluride SUV වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථ 463,000කට ආසන්න ප්‍රමාණයක් වහාම ක්‍රියාත්මක වන පරිදි ආපසු කැඳවීමට Kia America සමාගම තීරණය කර තිබේ.
විදේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම රථවල ඉදිරිපස විදුලි බලයෙන් ක්‍රියාත්මක වන Front Power Seat Motor අධික ලෙස රත් වීම මෙම ගිනි ගැනීමේ අවදානමට මූලික හේතුව වී ඇත. මෙම දෝෂය සම්පූර්ණයෙන්ම නොමිලේ අලුත්වැඩියා කර දෙන තෙක්, අදාළ වාහන හිමියන්ට තම රථවාහන ගොඩනැගිලිවලින් හෝ වෙනත් වාහනවලින් බැහැරව එළිමහන් ස්ථානවල නවතා තබන ලෙස ආරක්ෂක උපදෙස් නිකුත් කර තිබේ.
















