“මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය” 2026 ජුලි 14 දින සිට 20 වන දින දක්වා “විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුටු පවුල” යන තේමාව යටතේ පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිත මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය මගින් ශාරීරික, මනෝ සමාජයීය හා බුද්ධිමය සංවර්ධනයෙන් යුතු දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින් දිවයින පුරා මෙම වැඩසටහන් මාලාව ක්‍රියාත්මක කෙරේ. ගර්භණී සහ කිරි දෙන මව්වරුන්, කුඩා දරුවන්, පෙරපාසල් ගුරුභවතුන්, දෙමව්පියන් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් ඉලක්ක කර ගනිමින් මුල් ළමාවිය සංවර්ධනය, රැකවරණය සහ පෝෂණය පිළිබඳව දැනුම්වත් කිරීමේ වැඩසටහන් මෙහිදී ක්‍රියාත්මක වනු ඇත.
















