මීගමුව බන්ධනාගාරයේ සිදුවූ ගැටුම්කාරී සිදුවීම සම්බන්ධයෙන් වන විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පවරා ගැනීමට මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය අද (09) අවසර ලබා දුන්නාය.
අපරාධ විධිවිධාන සංග්‍රහයේ 125 වන වගන්තිය ප්‍රකාරව මෙම විමර්ශන සිදු කිරීමට අවසර ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීම පිළිගනිමින් මහෙස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය.
පුද්ගලයන් 29 දෙනෙකු ඝාතනය කිරීම සහ බන්ධනාගාර දේපලවලට රුපියල් කෝටි 12කට ආසන්න අලාභහානි සිදු කිරීම යන චෝදනා යටතේ CID නිලධාරීන් මෙම විමර්ශන මෙහෙයවනු ඇත. විමර්ශන සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය ඔවුන්ට නියෝග කළාය.
















