ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සුප්‍රකට ‘මාර්-අ-ලාගෝ’ (Mar-a-Lago) නිිකේතනය පිහිටි ෆ්ලොරිඩා ප්‍රාන්තයේ පාම් බීච් (Palm Beach) ජාත්‍යන්තර ගුවන් තොටුපළ, එරට වේලාවෙන් අද (09) බ්‍රහස්පතින්දා සිට “ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් ජාත්‍යන්තර ගුවන් තොටුපළ” ලෙස නිල වශයෙන් යළි නම් කර තිබේ. රිපබ්ලිකන් පක්ෂයේ නායකයාට ෆ්ලොරිඩා ප්‍රාන්තය තුළ පවතින ඉහළ ජනප්‍රසාදය සහ දේශපාලන බලය කියාපාමින් මෙම තීරණය ගෙන ඇත.
මෑත කාලය තුළ ඇමෙරිකාවේ රාජ්‍ය ආයතන, ගොඩනැඟිලි, රජයේ සුබසාධන වැඩසටහන්, යුධ නැව් මෙන්ම මුදල් නෝට්ටු සඳහා ද ට්‍රම්ප්ගේ නම සහ අනන්‍යතාවය එක් කිරීමට පියවර ගෙන ඇති අතර, මෙම ගුවන් තොටුපළ නම් කිරීම ද එහි තවත් එක් සුවිශේෂී පියවරකි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















