මොසැම්බික් රාජ්‍යය මුහුණ දී සිටින ත්‍රස්තවාදී තර්ජන මුළුමනින්ම තුරන් කිරීම සඳහා උදව් කිරීමට රුසියාව සූදානම් බව එරට විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් (Sergei Lavrov) මහතා ප්‍රකාශ කර තිබේ. රුසියාවේ ‘තස්’ (TASS) පුවත් ඒජන්සිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය මේ බව වාර්තා කර ඇත.
මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ඉස්ලාමීය සන්නද්ධ කල්ලි මර්දනය කිරීම සඳහා එරට රජයේ ආරක්ෂක අංශ මේ වන විට දැඩි සටනක නිරතව සිටින අතර, ඊට සහය දීමට රුසියාව මෙලෙස ඉදිරිපත්ව සිටී.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















