සටන් විරාම ගිවිසුමකට එළඹ සති තුනක් ගතවීමටත් මත්තෙන්, අවශ්‍ය වුවහොත් මීට වඩා ප්‍රබල බලවේගයක් යොදා ගනිමින් තුන්වන වරටත් ඉරානයට ප්‍රහාර එල්ල කිරීමට ඉශ්‍රායල හමුදාව සූදානම් බව එරට ආරක්ෂක අමාත්‍යවරයා අවධාරණය කළේය. දෙපාර්ශවය අතර පැවති ගැටුම් නිමා කිරීම සඳහා අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම (MOU) ක්‍රියාත්මක මට්ටමේ පැවතියද, එම සටන් විරාම නීති බිඳ වැටෙමින් පවතින බව පෙන්වා දෙමින් ආරක්ෂක අමාත්‍යවරයා මෙම දැඩි ප්‍රකාශය සිදු කර තිබේ. කලාපීය ආරක්ෂක විශ්ලේෂකයන් පවසන්නේ මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපය නැවතත් දැඩි යුද අවදානමකට ලක්ව ඇති බවයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්















