අමෙරිකාව සහ ඉරානය අතර නැවත වරක් යුද උණුසුම දැඩි වී ඇති පසුබිමක, අමෙරිකාව විසින් ඉරානයට එල්ල කළ දෙවන ප්‍රහාර මාලාවේදී එරට ඉලක්ක 90 කට පහර දී තිබේ. මෙම දින දෙක තුළ එල්ල වූ ප්‍රහාරවලින් පුද්ගලයන් 14 දෙනෙකු මියගොස් ඇති අතර, ඉරානයේ දකුණු වෙරළ තීරයේ ප්‍රදේශ කිහිපයක විශාල පිපිරීම් හඬ ඇසුණු බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. මීට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානය විසින් කටාර්, කුවේට් සහ බහරේන් යන රටවල පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කර ඇත. මේ හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ ගොස් ඇති අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 78.63ක් සහ ඩබ්ලිව්.ටී.අයි. බොරතෙල් මිල ඩොලර් 74ක් ලෙස සටහන් වේ.















