ඉරාන යුද උණුසුම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී හඳුන්වා දුන් 12% ක බොරතෙල් අපනයන බද්ද තවත් දින 60 කින් දීර්ඝ කිරීමට බ්‍රසීල රජය බ්‍රහස්පතින්දා (09) පියවර ගෙන තිබේ. බ්‍රසීල විදේශ වෙළෙඳ මණ්ඩලයේ විධායක කළමනාකරණ කමිටුව (Gecex) විසින් මෙම තීරණය ගෙන ඇති අතර, එළඹෙන දින 30 ඇතුළත මෙම බදු ක්‍රමවේදය පිළිබඳව නැවත සමාලෝචනයක් සිදු කරන බවද ඔවුන් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















