කොංගෝ රාජ්‍යය තුළ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ඉබෝලා වෛරස් වසංගතය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 600 සීමාව ඉක්මවා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,759 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. ගතවූ පැය 24 තුළ පමණක් අලුතින් ආසාදිතයන් 51 දෙනෙකු සහ මරණ 20 ක් වාර්තා වී ඇති අතර, පවතින දැඩි අවදානම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර ඇත. මෙම භයානක තත්ත්වය මධ්‍යයේ, තමන්ට හිඟ වැටුප් හා දීමනා නොගෙවීමට සහ ආරක්ෂිත උපකරණ නොදීමට එරෙහිව වසංගතය දරුණු ලෙස පවතින ඉටූරි පළාතේ සෞඛ්‍ය සේවකයන් ඉදිරි පැය 24 තුළ සේවයෙන් ඉවත් වන බවට බලධාරීන්ට අනතුරු අඟවා තිබේ.
















