තුර්කියේ අන්කාරා හි පැවැති නේටෝ සමුළුව බරපතල මතභේද මධ්‍යයේ අද (09) නිල වශයෙන් අවසන් විය. සමුළුව අවසානයේ පොදු එකඟතාවකට පැමිණියද, අමෙරිකාව සහ යුරෝපීය මිත්‍ර රටවල් අතර පවතින දැඩි අවිශ්වාසය මෙහිදී කැපී පෙනුණි. විශේෂයෙන්ම, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යුරෝපීය රටවල ආරක්ෂක වියදම් ප්‍රමාද වීම දැඩි ලෙස විවේචනය කළ අතර, ස්පාඤ්ඤය සමඟ පවතින සියලුම වෙළඳ සබඳතා නවතා දමන බවට ද, ග්‍රීන්ලන්තයේ පාලනය අමෙරිකාවට අවශ්‍ය බවට ද තර්ජනය කළේය. මේ අතර, නේටෝවෙන් බැහැරව වෙනම ආරක්ෂක පද්ධති හැදීමෙන් වළකින්නැයි තුර්කි ජනාධිපති අර්ඩගන් යුරෝපීය සංගමයට අනතුරු ඇඟවූ අතර, යුක්රේනයට බිලියන 70ක ආධාර දීමට එකඟ වුවද තමන් සතුව අතිරික්ත සම්පත් නැතැයි බල්ගේරියාව ප්‍රකාශ කළේය. නේටෝ මහලේකම් මාර්ක් රූට් සංවිධානයේ සමගිය පෙන්වීමට උත්සාහ කළත්, සාමාජිකයන් අතර පවතින මතභේද සමනය කිරීම අසීරු බව විශ්ලේෂකයෝ පවසති.
















