පසුගිය මාසයේ වෙනිසියුලාවේ උතුරු වෙරළ තීරයට බලපෑ ද්විත්ව භූමිකම්පා (twin earthquakes) හේතුවෙන් නිවාස අහිමි වූවන් සඳහා සකස් කළ තාවකාලික සහන කඳවුරුවල පවතින දැඩි තදබදය සහ පිරිසිදු ජල හිඟය නිසා බරපතල සෞඛ්‍ය තර්ජනයක් මතුව ඇති බව පෑන් ඇමරිකානු සෞඛ්‍ය සංවිධානය (PAHO) බ්‍රහස්පතින්දා (09) අනතුරු අඟවා තිබේ. නිසි වෛද්‍ය ප්‍රතිකාර බිඳ වැටීම ද මීට හේතුවී ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) ඇමරිකානු ශාඛාව වන PAHO ආයතනය මේ වන විට වෙනිසියුලා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව සහන කඳවුරුවල ශ්වසන සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත රෝග (respiratory or digestive illnesses) පැතිරෙන්නේද යන්න පිළිබඳව දැඩි සලකා බැලීමකින් පසුවන බව මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















