අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් යුක්රේන යුද්ධය නැවැත්වීම සඳහා සාම සාකච්ඡා දියත් කිරීමට උත්සාහ කළද, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් එය ප්‍රතික්ෂේප කරමින් ඉදිරි මාස කිහිපය තුළ යුද්ධය තවදුරටත් දරුණු (escalate) කිරීමට සූදානම් වන බව ක්‍රෙම්ලිනයට (Kremlin) සම්බන්ධ ආරංචි මාර්ග රොයිටර් පුවත් සේවයට හෙළි කර තිබේ. යුක්රේනය විසින් රුසියාවේ තෙල් පිරිපහදු සහ වරායන් ඉලක්ක කරමින් එල්ල කළ දරුණු ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් රුසියාව තුළ දැඩි ඉන්ධන හිඟයක් හටගෙන ඇති අතර, මේ හේතුවෙන් පුටින්ගේ යුද අධිෂ්ඨානය තවදුරටත් දැඩි වී ඇති බව එම පිරිස් පවසති. යුක්රේනයේ ‘ඩොන්බාස්’ (Donbas) කලාපයේ සම්පූර්ණ බලය ඇල්ලීම රුසියාවේ ප්‍රධාන ජයග්‍රහණය ලෙස පුටින් සලකන අතර, රුසියාව යුක්රේනයෙන් ඔබ්බට ගිය නව යුද මෙහෙයුම් සඳහා සූදානම් වන බවට තමන් සතු සන්නද්ධ බුද්ධි තොරතුරු පෙන්වා දෙන බව යුක්රේන බලධාරීන් ද තහවුරු කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්















