මධ්‍යම ඇමෙරිකානු කලාපයේ සාමකාමී රාජ්‍යයක් ලෙස සැලකුණු කොස්ටාරිකාවේ (Costa Rica) මෑතකදී පත්වූ නව ජනාධිපතිනිය වන ලෝරා ෆර්නැන්ඩස් (Laura Fernandez) සහ එරට අධිකරණ ක්ෂේත්‍රය (Judiciary) අතර හටගෙන ඇති දැඩි මතභේදාත්මක තත්ත්වය හේතුවෙන් එරට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ප්‍රචණ්ඩත්වය මර්දනය කිරීමේ රාජ්‍ය වැඩපිළිවෙළ අඩාල වී තිබේ. කෝකේන් (Cocaine) ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන කලාපයක් වන මධ්‍යම ඇමෙරිකාව පුරා පවතින ආයතනික දුර්වලතා උපයෝගී කරගනිමින් අපරාධ කල්ලි ක්‍රියාත්මක වන අතර, රජය මගින් සිදුකර ඇති අයවැය කපා හැරීම් හේතුවෙන් අපරාධ මර්දන කටයුතුවලට බාධා එල්ල වන බව අධිකරණ නිලධාරීන් පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















