රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කළ 2022 පෙබරවාරි මාසයෙන් පසු, සිවිල් වැසියන් වැඩිම පිරිසක් මියගිය සහ තුවාල ලැබූ මාසය ලෙස පසුගිය ජූනි මාසය වාර්තා වී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු ප්‍රධානී රෝස්මරී දීකාර්ලෝ (Rosemary DiCarlo) ආරක්ෂක මණ්ඩලයට දැනුම් දී ඇත්තේ, ජූනි මාසය තුළ පමණක් රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්රේන සිවිල් වැසියන් 265 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 1,816 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ (OHCHR) දත්තවලට අනුව මෙම මාරාන්තික ප්‍රවණතාව ජූලි මාසයේදී ද තවදුරටත් ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















