දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් (Johannesburg) අගනුවර ක්‍රියාත්මක විදේශික විරෝධී කණ්ඩායම්, එහි වෙසෙන විදේශීය සංක්‍රමණිකයන්ගේ නිවාසවල දොරවල් කඩා බිඳ දමමින් ඔවුන්ව බලහත්කාරයෙන් පිටුවහල් කිරීමට සහ පොලිසියට භාර දීමට පියවර ගෙන තිබේ. ලේඛන නොමැති (Undocumented) සංක්‍රමණිකයන්ට රටින් පිටවීම සඳහා ලබා දී තිබූ නිල නොවන සහන කාලය අවසන් වීමත් සමඟ මෙම දැඩි විරෝධතා ව්‍යාපාරය ආරම්භ වී ඇති අතර, විරෝධතාකරුවන් සෑම බ්‍රහස්පතින්දා දිනකම මෙලෙස නිවාස පරීක්ෂා කිරීමේ පාගමන් සංවිධානය කිරීමට සැලසුම් කර ඇත. මේ වන විටත් සිම්බාබ්වේ සහ මලාවි රාජ්‍යයන්ට අයත් දස දහස් සංඛ්‍යාත පිරිසක් නැවත සිය රටවල් වෙත හරවා යවා ඇති අතර, මෙම තත්ත්වය හේතුවෙන් කලාපීය රටවල් අතර රාජතාන්ත්‍රික සබඳතා ද දැඩි අර්බුදයකට ලක්ව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්
















