නැඟෙනහිර පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙස කුමාරසිංගම් කුණනාදන් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ.
ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන ඒ මහතා වෙත අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් පසුගිය (
පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ප්රදානය කරන ලදී. කුණනාදන් මහතා මීට පෙර නැඟෙනහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ධුරය මෙන්ම කුච්චවේලි, වේරුගල් සහ මන්මුණේ උතුර යන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස ද සේවය කර පළපුරුද්දක් ඇති නිලධාරියෙකි.
















