ශ්‍රී ලංකාවේ කසකස්තාන ජනරජයේ පූර්ණ බලැති නේවාසික තානාපති සර්ගේයි වික්ටොරොව් (Sergey Viktorov) මහතා පසුගිය (
දින ආරක්‍ෂක අමාත්‍යාංශයේදී නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය මේජර් ජනරාල් අරුණ ජයසේකර (විශ්‍රාමික) මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවී සුහද සාකච්ඡාවක නිරත විය.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ කසකස්තානය අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්විණි. ආරක්‍ෂක සහයෝගිතාව, යුද පුහුණු හා හුවමාරු වැඩසටහන්, මානුෂීය ආධාර සහ ආපදා සහන (HADR) පුහුණුව, කලාපීය ආරක්‍ෂාව සහ ධාරිතා වර්ධනය වැනි දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත්වන ක්ෂේත්‍ර රැසක් කෙරෙහි මෙහිදී විශේෂ අවධානය යොමු විය.
දෙරට අතර පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා නව මානයන් ඔස්සේ පුළුල් කර ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් හුවමාරු කර ගන්නා ලදී. මෙම අවස්ථාවට කොළඹ කසකස්තාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී රුස්තෙම් ජමාන්කුලොව් (Rustem Jamankulov) මහතා ද එක්ව සිටියේය.
















