ජාත්‍යන්තරව අනුමත කරන ලද ඩෙංගු මර්දන එන්නතක් මෙරටට හඳුන්වා දීමට රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර තිබේ. මෙම එන්නත මගින් මෙරට ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස අඩු කර ගත හැකි බව මීගමුව ඩෙංගු සහ ඩෙංගු රක්තපාත උණ සායනික කළමනාකරණ මධ්‍යස්ථානයේ නිර්මාතෘ, විශේෂඥ ළමා රෝග වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පවසයි.
වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙන කරුණු කිහිපයක් තිබේ. මෙම එන්නත දෙවන කාණ්ඩයේ ඩෙංගු වෛරසයට (DENV-2) එරෙහිව සියයට 90කට වඩා වැඩි සාර්ථකත්වයක් පෙන්වන අතර දැනටමත් ලොව පුරා රටවල් 41ක පමණ සාර්ථකව භාවිත කෙරේ. තමන් ද මෙම එන්නත නිපදවීමේ පර්යේෂණවලට දායක වී ඇති බව ඔහු සඳහන් කරයි.
එන්නතක් මගින් පමණක් ඩෙංගු රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කළ නොහැකි වුවත්, රෝගය නිසා ඇති වන බාධාවන් සහ බලපෑම් විශාල වශයෙන් අඩු කර ගැනීමට මෙය සාර්ථක ක්‍රමයක් බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය. මීට අමතරව විද්‍යාත්මකව ඔප්පු කර ඇති වොල්බැකියා මදුරු මර්දන ක්‍රමය ද මෙරටට හඳුන්වා දීමට රජය සලකා බලමින් සිටී.
















