අධිවේගී මාර්ගවල ගමන් කරන පැරණි වාහනවල ආසන පටි (Seat belts) සවි කිරීම සඳහා වාහන හිමිකරුවන්ට ලබා දී තිබූ සහන කාලය මාස තුනකින් දීර්ඝ කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා පියවර ගෙන තිබේ. ඒ අනුව නව ගැසට් නිවේදනයක් මගින් එම කාලසීමාව 2026 සැප්තැම්බර් 19 වන දින දක්වා දීර්ඝ කර ඇත.
මෙම රෙගුලාසිය හඳුන්වා දී ඇත්තේ දඬුවම් පැනවීමට වඩා මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් බව අමාත්‍යවරයා අවධාරණය කරයි. පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ගමන් කරන අධිවේගී මාර්ගවල සිදුවන අනතුරුවලදී පසුපස අසුන්වල සිටින මගීන් බරපතළ තුවාල ලැබීමේ අවදානමක් පවතින බැවින්, ඉදිරිපස සහ පසුපස යන දෙඅංශයේම ආසනවල මගීන් ආසන පටි පැළඳීම අනිවාර්ය කර ඇත.
මෙම නීතියට අනුගත වීමට වාහන හිමියන්ට දැනටමත් වසරකට ආසන්න කාලයක් ලබා දී ඇති බැවින්, අවසන් මොහොත වනතුරු බලා නොසිට නියමිත කාලසීමාවට පෙර ආසන පටි සවි කරගන්නා ලෙස අමාත්‍යවරයා මගීන්ගෙන් ඉල්ලා සිටී. එසේම අනතුරු හේතුවෙන් සිදුවන බරපතළ තුවාල අවම කර ගැනීම මගින් මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය මත පැටවෙන බර අවම කර ගත හැකි බව ද ඔහු පෙන්වා දෙයි.
















