මුදල් විශුද්ධිකරණය සංශෝධන පනත් කෙටුම්පත ඊයේ (09) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152කින් සම්මත විය. මෙම පනත් කෙටුම්පත සඳහා පක්ෂව ඡන්ද 154ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 02ක් පමණි.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම පනත් කෙටුම්පත තුනෙන් දෙකක බහුතරයකින් සම්මත විය යුතු බවට තීන්දු කර තිබූ බැවින්, සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ දැනුම්දීම මත කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් ඡන්ද විමසීමක් පැවැත්වීමට පියවර ගත්තේය.
දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා සහ සෙල්වම් අඩෙක්කලනාදන් මහතා මෙම පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. පනත් කෙටුම්පතේ 14 වැනි වගන්තිය සඳහා ද වෙනම ඡන්ද විමසීමක් පැවැත්වුණු අතර, අවසානයේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මීට අමතරව මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත සහ ත්රස්තවාදීන්ට මුදල් සැපයීම මැඬපැවැත්වීමේ සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත ද මෙහිදී සම්මත කර ගැනීමට කටයුතු යෙදිණි.
















