රුසියානු – යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සිදුකෙරෙන සාම සාකච්ඡා සඳහා වන ඉල්ලීම් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ප්‍රතික්ෂේප කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සාම ප්‍රයත්නයන් නොතකා රුසියානු ජනාධිපතිවරයා යුද්ධය තවදුරටත් තීව්‍ර කිරීමට තීරණය කර ඇත.
යුක්රේනය විසින් රුසියාවේ තෙල් පිරිපහදු සහ වරායන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ඩ්‍රෝන ප්‍රහාර මාලාව හේතුවෙන්, යුද්ධය අඛණ්ඩව ඉදිරියට ගෙනයාමට පුටින් මෙලෙස තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
















