පොතුවිල් – අක්කරපත්තු මාර්ගයේ, ඌරනිය හන්දිය ආසන්නයේදී ඊයේ (ජූලි 09) උදෑසන සිදුවූ රිය අනතුරකින් වෑන් රථයක රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
අක්කරපත්තු දෙසට ධාවනය වූ වෑන් රථයක් විරුද්ධ දෙසින් පැමිණි ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර, ගැටුමේ ප්‍රබලත්වය හේතුවෙන් රථ දෙකම පෙරළී ගොස් ඇත. අනතුරින් තුවාල ලැබූ වෑන් රථ රියදුරු සහ ත්‍රීරෝද රථ රියදුරු පොතුවිල් රෝහලට ඇතුළත් කර ඇති අතර, වෑන් රථ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කල්මුණ රෝහලට රැගෙන යමින් සිටියදී මියගොස් ඇත.
මියගිය පුද්ගලයා 55 හැවිරිදි කාර්තිව් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් පොතුවිල් පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
















