YouTube වීඩියෝවකට Like කිරීම මගින් දිනකට රුපියල් දහස් ගණනක් උපයා ගත හැකි බව පවසමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පණිවිඩ මූල්‍ය වංචාවන් සඳහා සැකසූ උගුල් බවට පොලීසිය අනතුරු අඟවයි.
විශේෂයෙන් Telegram ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ ක්‍රියාත්මක වන මෙම වංචාකරුවන් මගින් මහජනතාව විශාල ලෙස මුදල් අහිමි කර ගැනීමේ අවදානමක් පවතින බව පොලීසිය පෙන්වා දෙයි. මෙවැනි ආකර්ෂණීය සහ පහසු මුදල් ඉපැයීමේ ක්‍රම සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, නාඳුනන පිරිස් වෙත තම පෞද්ගලික හෝ මූල්‍ය තොරතුරු ලබා නොදෙන ලෙසත් පොලීසිය මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.
















