දිවයිනේ දිස්ත්‍රික්ක 6ක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අධික උණුසුම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. දිවා කාලයේදී එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකි බව එම නිවේදනයේ සඳහන් වේ. මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්ක සඳහාය.
මිනිස් සිරුරට දැනෙන සැබෑ උණුසුම මෙලෙස ඉහළ යා හැකි බැවින්, එම ප්‍රදේශවල වෙසෙන ජනතාවට ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන ලෙසත් හැකිතාක් සෘජු සූර්යාලෝකයට නිරාවරණය වීමෙන් වළකින ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උපදෙස් දෙයි. එසේම දවසේ වැඩිම උණුසුමක් පවතින කාලසීමාවන් තුළ වෙහෙසකර එළිමහන් කටයුතුවලින් බැහැර වන ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා සිටී.
















