නුවරඑළිය නගර සභා බලප්‍රදේශය තුළ මහා මාර්ග දෙපස සිදුකරන සියලුම අනවසර වීදි සහ පදික වෙළඳාම් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට නුවරඑළිය මහ නගර සභාව ඒකමතිකව තීරණය කර තිබේ. නගරාධිපති උපාලි වනිගසේකර මහතා මහ සභාව අමතමින් ප්‍රකාශ කළේ, නුවරඑළිය පොලිසිය අසල පදික වෙළඳාම සඳහා ලබා දී තිබූ තාවකාලික සහන කාලය තුළ විවිධ ගැටලු මතුවීම හේතුවෙන් එම අවසරය වහාම අත්හිටුවන බවයි. ඒ අනුව නාගරික කොමසාරිස්වරයා සහ ආදායම් පරීක්ෂකවරුන්ගේ මූලිකත්වයෙන් මෙම අනවසර වෙළඳාම් ඉවත් කිරීමේ මෙහෙයුම් සිදු කෙරේ. මෙලෙස ඉවත් කෙරෙන පදික වෙළඳුන් වෙනුවෙන් ඉදිරියේදී සුදුසු විකල්ප ස්ථානයක් ලබා දීමට කටයුතු කළ යුතු බව නියෝජ්‍ය නගරාධිපති සිවන්ජෝති යෝගරාජා මහතා මෙහිදී යෝජනා කළ අතර, වෙළඳසැල් හිමියන් පදික වේදිකා ආක්‍රමණය කර සිදු කර ඇති අනවසර ඉදිකිරීම් ද වහාම ඉවත් කළ යුතු බව නාගරික මන්ත්‍රී මොහොමඩ් නවාස් මහතා අවධාරණය කළේය.
















