කටුනායක පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (10) රාත්‍රී කටුනායක, හීනටියන ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී මත්පැන් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා ගෝඩා ලීටර් 6615ක් (බැරල් 35ක්) සහ පෙරන ලද නීති විරෝධී මත්පැන් ලීටර් 168.5ක් (බෝතල් 225ක්) පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු 23 හැවිරිදි ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















