මත්පෙති, කොකේන් සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙකු මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් සමත් විය.
පොලිසියට ලද බුද්ධි තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැකකරු සන්තකයේ තිබී කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 69ක්, කොකේන් ග්‍රෑම් 18ක් සහ මත්පෙති 40ක් සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු 19 හැවිරිදි ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මාලිගාවත්ත පොලිසිය විසින් සිදුකරනු ලබයි.
















