අධ්‍යාපන වෘත්තික සභාව ස්ථාපනය කිරීම සඳහා සකස් කරන ලද විද්වත් කමිටු වාර්තාව ඉදිරියේදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතය. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (10) පැවති අධ්‍යාපන අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම තීරණය ගනු ලැබීය.
මහාචාර්ය ඕ.ජී දයාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් විද්වත් කමිටුවක් මගින් මෙම වාර්තාව සකස් කර ඇති අතර, පසුගිය අප්‍රේල් මාසයේදී ඒ පිළිබඳව මහජන අදහස් ද ලබා ගෙන තිබේ. අනතුරුව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සභාපතිත්වය දරන පාර්ලිමේන්තු අනු කාරක සභාවේ අනුමැතිය ද මෙම වාර්තාවට හිමි විය.
මෙම යෝජිත අධ්‍යාපන වෘත්තික සභාව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය සහ වෘත්තිකභාවය ඉහළ නැංවීම සඳහා අතිශය වැදගත් හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.














