මහා භාණ්ඩාගාරයේ භාවිත කෙරෙන විද්යුත් තැපැල් (e-mail) පද්ධතිය 2019 වසරේ සිට යල් පැන ගිය මෘදුකාංග සහ තාක්ෂණයකින් සමන්විතව පැවති බව ශ්රී ලංකා පරිගණක හදිසි ප්රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPE) හමුවේ අනාවරණය කර ඇත.
මෙම යල් පැන ගිය පද්ධතිය හේතුවෙන්, එහි හුවමාරු වූ තොරතුරු සහ පණිවුඩ අතිශය අනාරක්ෂිත තත්ත්වයක පැවති බවත්, එමගින් රජයේ තීරණාත්මක දත්ත කාන්දු වීමේ දැඩි අවදානමක් මතු වූ බවත් එම සංසදයේ නිලධාරීන් පෙන්වා දී තිබේ. මීට අමතරව, අතීතයේදී මෙවැනි පද්ධති හරහා තොරතුරු පිටතට කාන්දු වූ ආකාරය පිළිබඳව ද COPE කමිටුව හමුවේ කරුණු වාර්තා කර ඇත.
ජාතික ආර්ථිකයේ ප්රධානතම ආයතනයක් වන මහා භාණ්ඩාගාරය වැනි ස්ථානයක මෙවැනි තීරණාත්මක තාක්ෂණික පද්ධතියක් යල් පැන ගොස් පැවතීම සහ එමගින් ජාතික ආරක්ෂාවට හා දත්ත පෞද්ගලිකත්වයට සිදුවිය හැකි හානිය පිළිබඳව කාරක සභාව දැඩි අවධානය යොමු කර ඇත.














