ජාතික ජල ජීවි වගා සංවර්ධන අධිකාරිය සඳහන් කරන පරිදි, ශ්‍රී ලංකාවේ මිරිදිය ඉස්සන් වගා ක්ෂේත්රයේ කැපී පෙනෙන වර්ධනයක් මේ වන විට පෙන්නුම් කරයි.
මෙම වගා කර්මාන්තය නංවාලීම සඳහා රජය විසින් රුපියල් මිලියන 200ක ප්‍රතිපාදන වෙන් කරමින් විශේෂ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර තිබේ. විශේෂයෙන්ම කූඩු ක්‍රමය (Cage culture) යටතේ සිදු කෙරෙන මෙම ඉස්සන් වගා ව්‍යාපෘතිය හරහා ඉස්සන්ගේ ජීව්‍යතා ප්‍රතිශතය 40% සිට 55% දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වී ඇති බව ද වාර්තා වේ.














