අඟුරුවැල්ල – වරකාපොල මාර්ගයේ ලෙවංගම ප්‍රදේශයේදී අද (11) සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
වරකාපොල දෙසට ධාවනය වෙමින් තිබූ කැබ් රථයක් මාර්ගය හරහා ගමන් කරමින් සිටි පදික කාන්තාවකගේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ ගලපිටමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ඇය, වහාම කරවනැල්ල රෝහලට ඇතුළත් කළ ද, එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇත.
පවතින අධික වාහන තදබදය සහ නොසැලකිලිමත් ලෙස මාර්ගය හරහා ගමන් කිරීම හේතුවෙන් මෙවැනි අනතුරු බහුල වෙමින් පවතින බැවින්, මාර්ගය භාවිතා කිරීමේදී පදිකයන් සහ රියදුරන් යන දෙපිරිසම දැඩි අවධානයෙන් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
















